දැක්ම


පානම පත්තු සංස්කෘතියේ අභිමානය ජාතිය තුළ සලකුණු කළ හැකි අධ්‍යාපනික නිපුණතාවයෙන් යුත් දරු කැලක් දැයට දායාද කරමු.


මෙහෙවර




පාසල් ප්‍රජාවේ අන්තර් ක්‍රියාකාරිත්ය තුළින් ස්ථිර චර්යාමය වෙනසක් දරුවන් තුළ ඇති කිරීම සදහා නිහතමානීව කැපවීම







පානම විදුහලේ ඉතිහාසය පිළිබද කෙටි සටහනක්

1935.12.01 දින පාසල ආරම්භක දිනය විය. මුල්ම විදුහල්පති ලෙස එච්.ඩි.ඩෙිවිඩ් මහතා වූ අතර ආරම්භක ළමුන් ප්‍රමාණය 84 කි. 1938.05.01 රජයේ පාසලක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර මහ විදුහලක් බවට 1961 09.01 පත් විය. උසස් පෙළ කලා විෂය ධාරව 1966.09.25 ආරම්භ කරන ලද අතර නවෝද්‍යා පාසලක් ලෙස 2006.04.01 දින ප්‍රකාශයට පත් කරන ලදි. උසස් පෙළ වාණිජ විෂය ධාරාව 2009.07.07 දින ආරම්භ වූ අතර 2012.06.08 දින උසස් පෙළ විද්‍යා විද්‍යා විෂය ධාරාව ආරම්භ විය.


විදුහල්පතිතුමාගේ පණිවිඩය


නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිත කරමින් පාසල් තොරතුරු ගොනුකර තබා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. එය පරිපාලනයට හා කළමනාකරණයට පහසුවක් ගෙන දේ. මේ සඳහා අනුගත වීම අප කාගෙත් කාලීන වගකීමකි.

පාසල් ගීතය (click)





Tuesday, May 31, 2016

මාසික වැඩසටහන්

01. ලාහුගල කොට්ඨාශ අධ්‍යක්ෂතුමාගේ විශ්‍රාම යෑම නිමිති කොට ගෙන එතුමාට උපහාර උළෙලක් පැවැත්වීම(2016.05.27)

02. සා:පෙළ සිසුන්ගේ සාධන මට්මට ඉහළ දැමීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස මාසිකව පැවැත්වෙන ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සැලස්වීම.(2016.05.30 / 2016.06.03)
සදුදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා
බුද්ධ ධර්මය සිංහල විද්‍යාව ගණිතය ඉතිහාසය

03. 01. පරිසර සතිය / 1.පාසලේ පානීය ළිං පිරිසිදු කිරිමේ වැඩසටන - පානම පොළිස් ස්ථානයේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලදි. 2016.06.01
03.02 පරිසර සතිය / 2. පානම මුහුදු වෙරළ හා මහජන සුසාන භුමිය පිරිසුිදු කිරීමේ වැඩසටහන පොලිසියේ නිලධාරින් හා පානම විදුහලේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලදි. 2016.06.02

Monday, May 23, 2016

ශිෂ්‍ය නායක මණ්ඩලය



ක්‍රීඩා

01. කරාතේ පුහුණුවිම් වල නිරතව සිටින අවස්ථාවක්

 
02. 2016 වර්ෂයේ පළාත් ක්‍රීඩා සදහා තේරි ඇති සිසු සිසුවියන්

විෂයන් අනුව ශිෂ්‍ය ප්‍රමාණය

විෂයන් ශ්‍රේණි අනුව ශිෂ්‍ය සංඛ්‍යාව
3 4 5 6 7 8 9 10 11
මව්බස 76 109 92 91 71 73 92 68 56
ගණිතය 76 109 92 91 71 73 92 68 56
විද්‍යාව - - - 91 71 73 92 68 56
ඉංග්‍රීසි 76 109 92 91 71 73 92 68 56
දෙමළ 76 109 92 91 71 73 92 16 11
පුරවැසි අධ්‍යාපනය - - - 91 71 73 92 41 42
ඉතිහාසය - - - 91 71 73 92 68 56
භුගෝල විද්‍යාව - - - 91 71 73 92 68 56
බුද්ධ ධර්මය 76 109 92 91 71 73 92 68 56
චිත්‍ර - - - 34 28 34 57 27 38
නැටුම් - - - 38 27 24 21 25 12
සංගීතය - - - 19 12 10 14 13 09
ප්‍රයෝගික තාක්ෂණික කුසලතා - - - 91 71 73 92 - -
ගෘහ ආර්ථික විද්‍යාව - - - - - - - - 11
කෘෂි හා ආහාර තාක්ෂණය - - - - - - -
ශාරිරික අධ්‍යාපනය - - - 91 71 73 92 12 03
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - - - 91 71 73 92 09 02

පරිගණක පන්ති


පළමු පරිගණක පාඨමාලාව අවසන් වූ අතර තව නොබෝ දිනකින් ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය යටතේ ඇති විවිධ අධ්‍යාපනික මෘදුකාංග ඔස්සේ පරිගණක පාඨමාලා ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කර අවසන් ය.







සිසු නිර්මාණ


2016 වර්ෂයේ ප්‍රාදේශීය සාහිත්‍ය තරග සඳහා ඉදි්‍රිපත් කරනු ලැබු පද්‍ය නිර්මාණ
ආවර්ජනා සම්මානි



ඉදිරි වැඩසටහන්

01. 2016.06.04 හා 2016.06.11 දිනයන්හි අප විද්‍යාලයේ ගුරුභවතුන් 50 දෙනා වෙනුවෙන් ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මුලික කොට ගෙන එහි ඇති අධ්‍යාපනික මෘදුකාංග හදුන්වා දීමේ දේදින වැඩමුළුවක් සංවිධානය කිරීම.
02. පොසොන් පොහෝය නිමිති කොට ගෙන විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කිරීම.
03. පාසලේ සියලුම දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවිමේ වැඩසටහන යටතේ අමතර පන්ති යෙදීම

Sunday, May 22, 2016

වෙසක් සතිය

වෙසක් සතිය වෙනුවෙන් අප විද්‍යාලය මගීන් පහත දැක්වෙන ආගමික වැඩසටහන් රැසක් සිදු කරන ලදි. 01.අසරණ සරණ වැඩසටහන




02.නවීකරණය හා ප්‍රතිසංස්කරණය කරන ලද බුදු මැදුර සිසු හා මහජන අයිතියට පැවරීම.

විදුහල්පතිතුමාගේ කථාව  (click)


03. වෙසක් පෙරහැර