දැක්ම


පානම පත්තු සංස්කෘතියේ අභිමානය ජාතිය තුළ සලකුණු කළ හැකි අධ්‍යාපනික නිපුණතාවයෙන් යුත් දරු කැලක් දැයට දායාද කරමු.


මෙහෙවර




පාසල් ප්‍රජාවේ අන්තර් ක්‍රියාකාරිත්ය තුළින් ස්ථිර චර්යාමය වෙනසක් දරුවන් තුළ ඇති කිරීම සදහා නිහතමානීව කැපවීම







පානම විදුහලේ ඉතිහාසය පිළිබද කෙටි සටහනක්

1935.12.01 දින පාසල ආරම්භක දිනය විය. මුල්ම විදුහල්පති ලෙස එච්.ඩි.ඩෙිවිඩ් මහතා වූ අතර ආරම්භක ළමුන් ප්‍රමාණය 84 කි. 1938.05.01 රජයේ පාසලක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර මහ විදුහලක් බවට 1961 09.01 පත් විය. උසස් පෙළ කලා විෂය ධාරව 1966.09.25 ආරම්භ කරන ලද අතර නවෝද්‍යා පාසලක් ලෙස 2006.04.01 දින ප්‍රකාශයට පත් කරන ලදි. උසස් පෙළ වාණිජ විෂය ධාරාව 2009.07.07 දින ආරම්භ වූ අතර 2012.06.08 දින උසස් පෙළ විද්‍යා විද්‍යා විෂය ධාරාව ආරම්භ විය.


විදුහල්පතිතුමාගේ පණිවිඩය


නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිත කරමින් පාසල් තොරතුරු ගොනුකර තබා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. එය පරිපාලනයට හා කළමනාකරණයට පහසුවක් ගෙන දේ. මේ සඳහා අනුගත වීම අප කාගෙත් කාලීන වගකීමකි.

පාසල් ගීතය (click)





Monday, May 16, 2016

පානම විදුහලේ විශේෂ අවස්ථා 

2015 වර්ෂයේ සමස්ථ ලංකා කරාතේ තරඟාවලියේ පළාත් මට්ටමේ තරඟයෙන් අප විද්‍යාලය නියෝජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නා ලදි. මෙම පුහුණුවීම් කටයුතු අප විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වනු ලබන ගුරුභවතා වන පී.ජී.නිශාන්න පුෂ්ප කුමාර මහතා විසින් සිදු කරන ලදි.



2016 වර්ෂයේ සමස්ථ ලංකා නර්ථන තරඟාවලියේ පළාත් මට්ටමේ තරඟයෙන් (මිශ්‍ර සමුහ) නැගෙනහිර පළාතේ ප්‍රථම ස්ථානය පානම විදුහලේ නර්ථන කණ්ඩායම දිනා ගත් අතර එම පුහුණු වීම් කටයුතු නර්තන ගුරුභවතා වන එච්.එම්.එන්.කරුණාරත්න මහතා විසින් සිදු කරනු ලැබු අතර අනෙකුත් සෞන්දර්ය ගුරුභවතුන්ගේ ද නොමනා සහයෝගය ඒ සඳහා ඔහුට හිමි විය. 

No comments:

Post a Comment